Archive | October, 2017
Image

MigrantWatch lecture on rescuing migratory birds

27 Oct

Advertisements

අවධානයෙන් සිටින්න… මේ දිනවල ඔබේ ගෙවත්තෙත් උදව් අවශ්‍ය නිහැරියෙකු සිටිය හැකියි..

27 Oct
logo3.gif (702 bytes)arrow7.gif (1098 bytes)


අවධානයෙන් සිටින්න…
මේ දිනවල ඔබේ ගෙවත්තෙත් උදව් අවශ්‍ය නිහැරියෙකු සිටිය හැකියි.. හෙම්බත් වුණු නිහැරි කුරුල්ලකු හමු වුණොත්…??

අවිච්චියා වැනි සමහර කුරුල්ලන් ගෙවත්තේ පවා හමු වන නිසා මේ කුරුල්ලන් ලංකාවට එන ඉදිරි සති කීපයේ දී මෙවන් කුරුල්ලන් ඔබටත් හමු වීමට ඉඩ තිබේ. මෙසේ නිතර කරදරයට පත් වන්නේ මොන කුරුල්ලන් වර්ග ද, මෙවැනි කරදරයට පත් නිහැරි කුරුල්ලකු දුටුව හොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද ව දේශනයක්‌ ක්‌ෂෙත්‍ර පක්‌ෂි විද්‍යා අධ්‍යයන කවය විසින් ඔක්‌තෝබර් 28 වැනි සෙනසුරාදා කොළඹ විශ්වවිද්‍යාලයයේ දී පවත්වනු ලබයි. උදෑසන 9.30 සිට 11.00 පමණ වන තෙක්‌ පවත්වනු ලබන මේ දේශනයට උනන්දුවක්‌ ඇති සැමට නොමිලේ සහභාගී වීමට පිළිවන.

මෙලෙස හෙම්බත් වුණු හෝ මිය ගිය නිහැරි කුරුල්ලකු දුටුව හොත් දන්වන ලෙස ද ක්‌ෂෙත්‍ර පක්‌ෂි විද්‍යා අධ්‍යයන කවය ඉල්ලා සිටී. හදුනාගැනීමේ පහසුව සදහා ඔබ ගේ ජංගම දුරකථනයෙන් හෝ වෙනත් කැමරාවකින් හෝ ලබාගත් ඡායාරූපයක්‌ ඊමේල් මගින් migrantwatch.srilanaka@gmail.com හරහා ලැබෙන්නට සැලැස්‌වීම කුරුල්ලා හදුනාගැනීමට වඩාත් ප්‍රයෝජනවත් වේ. මෙවන් කුරුල්ලකු හමු වුව හොත් පහත දුරකථන අංකයෙන් ද විස්‌තර ලබාගැනීමට හැකි වේ. 0718440144.

“මේ කුරුල්ලා හම්බු උනේ අනුරාධපුරයේ අපේ නිවස අසලින්. හොදට ම දුර්වල වී සිටි කුරුල්ලා පියඹා යැමට නොහැකි ව ඔහේ බිම වැතිරී සිටි නිසා, උගේ ආරක්‌ෂාවට මම ගෙදර අරගෙන ආවා. මේ මොන වර්ගයේ කුරුල්ලෙක්‌ ද..? මේ කුරුල්ලාට මොනවා වෙලා ද..?”

මේ පසුගිය සති අන්තයේ ඔක්‌තෝබර් 21 වැනි සෙනසුරාදා අනුරාධපුරයේ අකලංක විසින් Facebook හි තබන ලද සටහනකි. ඡායාරූපයේ සිටියේ අවිච්චියෙකි. කුරුල්ලා සිටියේ දීර්ඝ ගමනකින් පසු හොදට ම හෙම්බත් වෙලා ය. නිහැරියකු (migratory bird) වූ අවිච්චියා උතුරු ඉන්දියාවේ සිට ලංකාවට බොහෝ විට පැමිණෙන්නේ ඔක්‌තෝබරයේ අන්තිම සතියේ සිට නොවැම්බර මුල දක්‌වා බව සිතිය හැක්‌කේ හෙම්බත් වුණු අවිච්චියන් බොහෝ දෙනකු හමු වන්නේ මේ කාලයේ දී නිසා ය.

පසු දින උදෑසන පෙර දාට වඩා පණ ගසා උන් අවිච්චියා දමා සිටි පෙට්‌ටියෙන් එළියට ඒමට උත්සාහ කළ නිසා කුරුල්ලාට එළියට එන්නට ඉඩ දුන් විට මුල දී මදක්‌ තෝන්තුවාවෙන් සිට මදකින් ඉගිල්ලී ගිය බව අකලංක ඉරිදා නැවත දැන්වූයේ සතුටකිනි. මෙලෙස දුර ගෙවා පියඹා ඒමේ දී හෙම්බත් වුණු අවිච්චියන් මෙන් ම වෙනත් නිහැරියන් ද, බාහිර තුවාල හෝ රෝගයකින් නො පෙළුණ හොත්, ස්‌වාභාවිකව ම නැවත යථා තත්ත්වයට පත් වේ. ප්‍රධාන කොට ම අවශ්‍ය වන්නේ ආරක්‌ෂාවයි.

මෙවැනි කරදරයට පත් නිහැරි කුරුල්ලකු දුටව හොත් මුලින් ම ඔවුන්ට බළලුන්, කපුටන් වැනි විලෝපිකයන් ගෙන් ආරක්‌ෂාව සලසා ඔවුන් නැවත යථා තත්ත්වයට එන්නේ දැයි නීරීක්‌ෂණය කළ යුතු අතර වඩාත් දුර්වල නම් පමණක්‌ හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි සැකසූ කාඩ්බෝඩ් පෙට්‌ටියක්‌ වැන්නක්‌ තුළ කලබල නැති අදුරු තැනක තබා සිහි තිබේ නම් පමණක්‌ ජලය මදක්‌ හෙමින් පොවන්න. විවිධ කුරුල්ලන් ගේ ආහාර රටාවන් වෙනස්‌ නිසා, ආහාර සැපයීමේ දී කුරුල්ලා පිළිබද අවබෝධයක්‌ ඇති ව පමණක්‌ සිදු කරන්න.

කුරුල්ලා ගේ තටු කැඩී තිබේ නම් හෝ වෙනත් තුවාල තිබේ නම් පශු වෛද්‍යවරයකු වෙත යොමු කරන්න. දින කීපයකින් යථා තත්ත්වයට පත් නො වුණ හොත් මෙවැනි කුරුල්ලන් අත්තිඩිය ප්‍රදේශයේ පිහිටුවා ඇති වන ජීවී දෙපාර්තමේන්තුවේ අනතුරට පත් සතුන් බලා ගැනීමේ මධ්‍යස්‌ථානය, ගාල්ල වනජීවී සංරක්‌ෂණ සංගමය විසින් හියාරේ පිහිටුවනු ලැබ ඇති සතුන් පුනුරුත්ථාපනය කරන ස්‌ථාන වැනි මධ්‍යස්‌ථාන වෙත යොමු කරන්න.

මෙලෙස හෙම්බත් වී කරදරයට පත් වී වැඩිපුර ම ගෙවතුවලින් හමු වී ඇත්තේ අවිච්චියන් ය. එහෙත් මීට අමතරව Slaty-legged Crake හා මලයානු රෑ කොකුන් (Malayan Night Heron) ද මීට පෙර වාර්තා වී තිබේ. ගිය වසරේ කොළඹ තිඹිරිගස්‌යාය ප්‍රදේශයේ ගෙවත්තකින් හමු වූ මලයානු රෑ කොකා පිළිබද ප්‍රවෘත්තිය ඔබට මතක ද..?

තිඹිරිගස්‌යාය සිරිපා පෙදෙසේ රාජිනි ජයවර්ධන මහත්මිය ගේ ගෙවත්තේ සිට මේ දුර්ලභ රෑ කොකා හමු වී තිබිණි. මොහු මේ කාලයට ගිනිකොනදිග ආසියාවේ සිට ලංකාවට සංක්‍රමණය වන කුරුල්ලකු වන අතර, කිලෝ මීටර දහස්‌ ගණනක්‌ මග ගෙවා වෙහෙසට පත් වීම නිසා හෙම්බත් වීම නිසා එම ගෙවත්තේ අදුරු ස්‌ථානයක දින කීපයක්‌ ම රැඳී සිටීම නිසා ජයවර්ධන මහත්මිය මේ පිළිබදව කොළඹ විශ්ව විද්‍යාලයයේ ක්‌ෂේත්‍ර පක්‌ෂි විද්‍යා අධ්‍යයන කවය වෙත දැන්වීමෙන් පසු ඔවුන් විසින් පසුව කොළඹ ආශ්‍රිත තෙත් බිමක දී මුදා හරින ලදි.

අවුරුදු කීපයකට පෙර 2011 දී Slaty-legged Crack හමු වූයේ කොල්ලුපිටියේ Lucky Plaza නම් වූ ගොඩනැගිලි පරිශ්‍රයේ සිට ය.

ඉදිරිපත් කිරීම – මාලක රොඩි්‍රගෝ